දේශීය

චීනයෙන් තවත් ආධාර තොගයක් මෙරටට

(UTV | කෝවිඩ්-19) – චීන මහජන සමූහාණ්ඩුව විසින් කොරෝනා වසංගතයට ප්‍රතිකාර කිරීම තවත් වෛද්‍ය ආධාර තොගයක් පිරි නමා තිබේ.

මෙම වෛද්‍ය ආධාර තොගය ඊයේ පස්වරු 6.20 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇත.

මෙහි වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ මෙන්ම උපකරණ ඇතුළත් කිලෝ ග්‍රෑම් 9,680 ක් බර ඇසුරුම් 1006 ක් වන බව සඳහන් වේ.

මෙම වෛද්‍ය ආධාර අද (16) දිනයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිතයි.

Related posts

අවශ්‍ය විටකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න

Mohamed Dilsad

ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

T20 ලෝක ශූරතාවය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment