ක්‍රීඩා

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

(UTV| කොවිඩ් 19) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීති සමයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය ආරක්ෂිතව එක් ස්ථානය රඳවා පුහුණු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කොරෝනා වසංගතය නොමැති ප්‍රදේශයක ක්‍රීඩාගාරයක් හා නවාතැන් පහසුකම් ඇති ස්ථානයක් පිළිබඳ මෙහිදී සොයා බැලෙන අතර , මේ සඳහා සුදුසු ස්ථානයක් සොයමින් පවතින බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මේ දිනවල නිවසේ සිට මූලික ශාරීරික අභ්‍යාසවල පමණක් යෙදී සිටියි.

ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් ඔවුන්ගේ පුහුණුවීම් නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම ඉන්දීය පාලක මණ්ඩලයේ අරමුණ වෙයි.

 

 

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය මාතරින්

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සහ පූනේ සුපර්ජයන්ට් අතර තරඟය අද

Mohamed Dilsad

Leave a Comment