දේශීය

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – අද (15) වවුනියාව පූවරසන්කුලම,පිහිටි වන්නි ගුවන් හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද පුද්ගලයින් 180 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් වෙත ගොස් තිබේ.

වන්නි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු ඉන්ද්‍රජිත් වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් ද පැවත්වූයේය.

වාරියපොළ,පාදෙණිය,අලව්ව,අනුරාධපුරය ආදි ප්‍රදේශවල පදිංචි, කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිළධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායනය වී ඇත.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ මෙහෙයවීම යටතේ වන්නි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සිදුකෙරිණ.

Related posts

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගෙන් ඉඟියක්

Editor O

රවී CIDයට පැමිණේ

Mohamed Dilsad

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment