දේශීය

මැතිවරණය පැවැත්වීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) – එළඹෙන ජුනි 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් ආරියවංශ දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තෙමසක් ඇතුළත එය යළි කැඳවිය යුතු වූවත්, වර්තමාන තත්ත්වය අනුව එකී කාලය තුළ පාර්ලිමේන්තුව යළි රැස්කිරීමට නොහැකි බව අදාළ පෙත්සමෙන් දක්වා තිබේ.

ඒ අනුව නාම යෝජනා වෙනුවෙන් මනාප අංක නිකුත් කිරීම ඇතුළු මහ මැතිවරණයට අදාළ කිසිදු කටයුත්තක් සිදුකිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙස පෙත්සම්කරු එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන ලකුණු

Mohamed Dilsad

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

Leave a Comment