දේශීය

ජයන්ත ධනපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආචාර්ය ජයන්ත ධනපාල මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වන බව සඳහන්.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පුරප්පාඩු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයට කථානායකවරයා විසින් ලබන සතියේ පුද්ගලයෙකු නම් කරනු ඇති බවයි.

ඔහු මාස 2 කට ආසන්න කාලයක් ව්‍යවස්ථා සභාවේ රැස්වීම්වලටද සහභාගී නොවූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ජනාධිපති අනුරගේ කැබිනට් මණ්ඩලය මෙන්න

Editor O

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment