දේශීය

මහ මැතිවරණයේ මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීම යළිත් කල් යයි

(UTV |කොවිඩ් 19) –  මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට අදාළ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අද (12) පැවති කොමිසමේ සාමාජිකයන් 3 දෙනාගේ රැස්වීමේදීයි.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මනාප අංක නිකුත් කිරීම යනු මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේ ආරම්භය ලෙස සැලකෙන අතර , පවතින තත්ත්වය අනුව මනාප අංක නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.

මේ අතර මහ මැතිවරණයට සන්ධානගතව තරග වදින දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්විය.

 

Related posts

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

කොරෝනාවට සොයාගත් එන්නත ලංකාවට

Mohamed Dilsad

Leave a Comment