දේශීය

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ දෙකකට නව ‍ප්‍රධානීන්

(UTV | කොළඹ ) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහා නව ලේකම්වරුන් පත්කිරීම සිදු විය.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ජී.කේ.ජී.ආර්.පී.කේ. නන්දන සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ.ජි. උපාලි රණවක පළාත් ආණ්ඩුකාරවරයා අතින් තම පත්වීම් ලිපි ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න ද එක්ව සිටියේය.

Related posts

මෙරට සුවය ලැබූ පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment