දේශීයව්‍යාපාරික

කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – අද (12) පෙරවරු 11.09ට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.49 කින් හා S&P SL20 දර්ශකය ඒකක 88.50 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් ඊයේ දිනට සාපේක්ෂව 3.49%ක හා 5.03% ක කඩා වැටීමක් වේ.

පෙරවරු 11.39 ට කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු යළි ඇරඹීමට නියමිතය.

Related posts

දයාසිරිට එරෙහිව CEYPETCO නීති මගට

Mohamed Dilsad

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment