දේශීය

විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම අත්වැරදීමක්

(UTV | කොළඹ) – ඇතැම් පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ එම තත්ත්වය වහාම නිවැරැදි කරමින් නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති අතර එය විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවට අනාවරණය විය.

කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී  තිබේ.

Related posts

නිමි ඇඳුම් දන්සලක්

Mohamed Dilsad

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment