දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

(UTV | කොළඹ) – හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම හෙට පස්වරු 4.30 ට කතානායක නිල නිවසේදිී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වීමට නියමිතය.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සභාව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, බිමල් රත්නායක, මහින්ද සමරසිංහ, තලතා අතුකෝරල, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යුසුෆ්, නාගනාදන් සෙල්වකුරන් සහ ආචාර්ය ජයන්ත දනපාල යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

Related posts

හෙට ඇඳිරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

“මම සාමය සඳහා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා”

Mohamed Dilsad

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment