දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සමග තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික් වලත් ස්ථාන කිහිපයක ඉදිරි පැය කිහිපය තුල මිලිමීටර් 100 ට වැඩි ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි.

තවද එම ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවති.

ගිගුරුම් සහිත තද වැසි හටගන්නා අවස්ථාවලදි අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

Related posts

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

DNA පරීක්ෂණ වලට බාධාවක්

Mohamed Dilsad

මැතිවරණය සමයට අදාළ නිහඬ කාලය 02 දා මධ්‍යම රාත්‍රියේ සිට

Mohamed Dilsad

Leave a Comment