දේශීය

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැදවිය යුතු බවද පෙත්සමේ සඳහන් වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් නම් කර තිබේ.

Related posts

විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධයනයේදී අයකරන හෝටල් ගාස්තු අඩු කරන්න සුදානම්

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීම

Mohamed Dilsad

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment