දේශීය

රටවල් 3 ක සිටි ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (06) අලුයම කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මහා බ්‍රිතාන්‍යයේ, අමෙරිකාවේ සහ කැනඩාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු දිවයිනට ළඟා විය.

ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 504 දරන ගුවන් යානයෙන් අද අලුයම 03 යි 05 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ඔවුන් ළඟා වුයේය.

මෙම පිරිස මූලික සෞඛ්‍ය පරීක්ෂණවලින් පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරෝධායන කඳවුරු වෙත රැගෙන යනු ලැබුවේය.

Related posts

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

විදේශිකයන්ට හෙට සිට තාවකාලිකව වීසා අත්හිටුවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment