දේශීය

අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි

(UTV | කොළඹ) – අද (05) රාත්‍රී කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරයි.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

අගමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

නිකවැරටියට හැමූ දැඩි සුළඟින් නිවාස 100 කට හානි

Mohamed Dilsad

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

Mohamed Dilsad

Leave a Comment