දේශීය

ජුනි 1 වනදා පාසල් විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ

(UTV| කොළඹ) –  ජුනි 1 වනදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ  පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මාධ්‍ය ඔස්සේ පුවත් පළවී තිබුණි.

නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පළාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.

මෙවැනි මොහොතක, අවිචාරවත්ව සහ අගතිගාමී අයුරින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් මාධ්‍ය භාවිතයෙහි යෙදෙන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බලවත් අප්‍රසාදය සහ විරෝධය මේ අවස්ථාවේ පළ කර සිටී.

Related posts

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

නවම් පෝය දිනය අද

Editor O

උසස්පෙළ සිසුන්ට කඩයිම් ලකුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment