දේශීය

කොරෝනා සුවය ලැබූ දෙවන නාවික සෙබලාත් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ (04) රෝහලින් පිටව ගියේය.

පොළොන්නරුව ප්‍රදේශයේදී කොරෝනා ආසාධිතයෙකු වශයෙන් හදුනාගත් පළමු නාවික හමුදා  පුද්ගලයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොරෝනා ආසාධනය වී ඇති බව පසුගිය මස 23 වන දින හදුනා ගෙන ඇත.

පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ රෝහලින් මුදා හැරීමට කටයුතු කළේය.

මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධානය  සඳහා යොමු කර තිබේ.

Related posts

වෛද්‍යවරු ප්‍රමාණවත් නැහැ ; කළුතර මාතෘ රෝහල ආරම්භ කිරීම ගැටළු සහගත තැනකට

Editor O

හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

Mohamed Dilsad

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment