දේශීය

ඇඳිරි නීතිය කැඩූ ප්‍රාදේශීය සභාපතිවරයෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

(UTV | මාවුස්සාකැළේ) – ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුණිදාස ගමගේ ඇතුළු සිව්දෙනෙක් අද (03) මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ලොරි රථයකින් පැමිණි මොවුන් මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවයි.

මොවුන් ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

අජිත් රෝහණගේ සෞඛ්‍ය තත්ත්වය සහ ව්‍යාජ ඡායාරූප

Mohamed Dilsad

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත වේ

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment