දේශීය

ඇඳිරි නීතිය කැඩූ ප්‍රාදේශීය සභාපතිවරයෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

(UTV | මාවුස්සාකැළේ) – ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුණිදාස ගමගේ ඇතුළු සිව්දෙනෙක් අද (03) මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ලොරි රථයකින් පැමිණි මොවුන් මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවයි.

මොවුන් ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

Editor O

ජනපතිගෙන් කථානායකට සිහිකැඳවීමක්

Mohamed Dilsad

ජනපති රනිල් බොරු කියනවා

Mohamed Dilsad

Leave a Comment