දේශීය

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබා ගැනීමට ලබාදී තිබූ කාලසීමාව මැයි 15 දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

එවැනි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ණය සහන සහ සියයට 4ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ඉල්ලූම් කිරීමේ කාලසීමාව පසුගිය අප්‍රේල් 30 වන දා අවසන් වුණි.

එමෙන් ම, රුපියල් පන්ලක්ෂයකට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්ම ගොස් ඇති චෙක්පත්ද මැයි 15 වන දා දක්වා වලංගු වන බව මහබැංකුව නිවේදනය කළේය.

මෙම කාල සීමා දීර්ඝ කිරීම 2020 අප්‍රේල් 28 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කර ඇත.

ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් ඊට අදාළ තොරතුරු, ලේඛන කල් වේලා ඇතිව සිය බැංකු වෙත ලබා දීම අවශ්‍ය වේ.

Related posts

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Mohamed Dilsad

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment