දේශීය

ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමට නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කරන්නේ නම්, විශේෂ කාල සටහන් ක්‍රමවේදයක් යටතේ කටයුතු කිරීම කෙරෙහි යොමුවී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර, පසුගියදා පැවති හමුවකදී විභාග පාදක කර ගනිමින් 10 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා වී ඇත.

එසේම, පාසල් ආරම්භයට පෙර සියලූ පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.

තවද කොරෝනා වසංගතයෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කළ පසු රජය ලබාදෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට තමන් සූදානම් බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කර ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලි දැන් සිටියේද?

Mohamed Dilsad

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

Mohamed Dilsad

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment