දේශීය

නාවලපිටිය හිටපු නගරාධිපති ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | නාවලපිටිය) – මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කල නාවලපිටිය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නිරෝධායන පණත උල්ලංඝණය කරමින් ගිනිහගත්හේන නාවලපිටිය මාර්ගයේ ආයතනයක සූදු සෙල්ලම් කරමින් සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් මැයි 06 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණි.

සැකකරුවන් PCR පරීක්ෂාවකට ලක් කිරීම සදහා ඉදිරිපත් කළ ඉල්ලිමටද අධිකරණය අවසර ලබාදුන්නේය.

 

Related posts

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

IOC ඉන්ධන ඇණවුම් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment