දේශීය

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

(UTV | කොළඹ ) – මැයි 15 වන දා දක්වා සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

පොලිස් නිළධාරීන්ගේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නිවාඩු අප්‍රේල් 30 දක්වා අවලංගු කිරීමට මීට පෙර කටයුතු කරනු ලැබුවේය.

තවදුරටත් පවතින තත්ත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීමේ කාලය දීර්ඝ කර ඇත.

එමෙන්ම, නිවාඩු ලබා ගැනීම් හරහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

රවීන්ද්‍ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදී

Mohamed Dilsad

අවදානම් නොවන දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අද සිට

Mohamed Dilsad

දරුවන් බලා සිටියදී මවක් ගඟට පනී

Mohamed Dilsad

Leave a Comment