දේශීය

ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් නවදිල්ලියට

(UTV | කොළඹ ) – අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1195 දරන එම ගුවන් යානය අද දින 9.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වී ගියේය.

මෙම ගුවන් යානය තුළ ගුවන් යානයේ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය.

මෙම ගුවන් ගමන සදහා ඒ 321-251 එන් එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබුණි.

මෙම ගුවන් යානය ඉන්දියාවට ගොස් ආපසු පැමිණීම සදහා අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබුණි.

මෙම ගුවන් යානය අද පස්වරු 12.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර , ආපසු පස්වරු 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

Related posts

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්

Editor O

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment