දේශීය

ලංගම බස්රථ සේවකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

(UTV | කෝවිඩ් -19) – ලංගම බස් රථවල රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.

ඔහු මේ බව පසුවේ අද (28) ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ඇඳිරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශවල පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ඒ් අනුව බස් රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අවශ්‍ය මුව ආවරණ, අත්වැසුම් මෙන්ම අත්සේදුම් විෂබීජානුහරණ ද්‍රව්‍ය සැපයීමට ද තීරණය කරනු ලැබීය.

ඒමෙන්ම  බරපතල අභියෝගයක් මැද කටයුතු කරන බස් රථ හා කොන්දොස්තර වරුන්ගේ සේවය ඇගයීම සඳහා ද පියවර ගන්නා ලෙස ද, හැකි නම් ඔවුන්ට අමතර දීමනාවක් ද ලබා දීමට අවශ්‍ය කටයුතු සළසන්නැයි  අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Related posts

දිස්ත්‍රික්ක කීපයකට අනතුරු ඇඟවයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

Leave a Comment