දේශීය

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03 ක රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇති බවයි.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

Editor O

O/L ප්‍රතිඵල මේ මස අවසානයේදී

Mohamed Dilsad

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

Mohamed Dilsad

Leave a Comment