දේශීය

කොයිම්බතූර්හි සිටි ලාංකිකයන් රැගත් ගුවන් යානයක් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවේ කොයිම්බතූර් සිට මෙරට සිසුන් 113 දෙනෙක් රැගෙන විශේෂ ගුවන් යානයක් අද (26) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර්හි රැදී සිටි ලාංකිකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1194 දරන යානය අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම යානය ගුවන් නියමුවන් ඇතුලු හත්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් ලෙස ගුවන් මගීන් ප්‍රවාහනය සඳහා සීමාවන් පැනවූවද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවයි.

Related posts

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment