දේශීය

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

(UTV | කොළඹ) –  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

අදාළ කමිටුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරෙනු ඇති.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, අධිකරණ සහ විදේශ කටයුතු ඇමතිවරු විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදයේ සහ ප්‍රචණ්ඩ අන්තවාදයේ නව මානයන් සම්බන්ධයෙන් විධිවිධාන හඳුන්වා දීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එහි අරමුණු වී ඇත්තේ දැනට පවතින ත්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමත් එවැනි ක්‍රියාවලට මුහුණ දීමත්, නීතිය බලාත්මක කිරීමත්, විමර්ශන හා අධීක්ෂණ මෙවලම් තවදුරටත් ශක්තිමත් කිරීමත්ය.

ඒ අනුව පුළුල් ජාතික ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ සියලුම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අනතර්ජාතික ප්‍රමිතීන්/නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පරිපූර්ණ නීති පද්ධතියක් සකස් කිරීමට කමිටුවක් පත්කිරීමට එහිදී යෝජනා කර ඇත.

Related posts

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

රැකියා හිමි නොවූ උපාධීධාරින්ට යළි අවස්තාවක් දෙන්න සූදානම්

Mohamed Dilsad

Leave a Comment