දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳුදා සිට යළි විවෘතයි

(UTV | කෝවිඩ් -19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට පාදක වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟයි.

ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනි.

Related posts

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම්

Editor O

Leave a Comment