දේශීයප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

(UTV | කොළඹ ) – මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරේ.

ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා වූ කොටස අද (20) විවෘත කෙරෙන බව එම අධිකාරිය පවසයි.

අද පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ රථවාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය විවෘත කර තැබෙන බව සඳහන්ය.

ලබන බදාදා දිනයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුනායක සිට හම්බන්තොට දක්වා කොටස ද විවෘත කිරීම සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය වසා දැමුණු අතර අත්‍යවශ්‍ය සේවා සිදුකරන රථවාහනවලට පමණක් අදාළ කාලය තුළ එම මාර්ගය භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

Related posts

කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

ඩෙංගු අවධානම තවමත්

Mohamed Dilsad

Leave a Comment