දේශීය

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 6 දෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන්

(UTV | කෝවිඩ්-19) –  වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින් 6 දෙනා ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් ආසාදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම පුද්ගලයන් සය දෙනාම කොටහේන, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා විවිධ ප්‍රදේශවල සැරිසරා ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් ඒ පිළිබඳ ආරක්ෂක අංශ විමර්ශන සිදුකරනු ලැබූ අතර , එහිදී හදුනාගත් පුද්ගලයින් වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසු ඉන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු විය.

කිසියම් ප්‍රදේශයකින් ආසාදිතයෙකු හදුනා ගැනීමෙන් පසු එම පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල මැදිහත්විමෙන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට පියවර ගන්නා බව ද ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

Mohamed Dilsad

ධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment