දේශීය

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ආරම්භ කිරීමේ තීරණයක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.

ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා ranjithd@boi.lk විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල ඉල්ලා සිටියේය.

ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධාණය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුණ බව මොහොට්ටාල වැඩිදුරටත් පැවසීය.

Related posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

ආර්ථික අභියෝග මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව නිරීක්ෂකයින්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment