දේශීය

පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු තහනම් කෙරේ

(UTV | කොළඹ) – පාසල් වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබේ.

එම තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බව ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි පැමිණිළි ඇත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසයි.

ඒ වෙනුවට පාසල් වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේ.

Related posts

“අපි පාරවල් හැදුවේ පෝලිමේ තබන්න නෙවෙයි” – අගමැති

Mohamed Dilsad

සංචරණ සීමා ඉවතට: පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment