දේශීය

පවුල් ආරාවුලක් හේතුවෙන් පියෙකු සිය පුත්‍රයා අතින් ජීවිතක්ෂයට

(UTV | ගල්නෑව) –  පවුල් ආරවුලක් හේතුවෙන් ගල්නෑව සේනපුර ප්‍රදේශයේ දී තරුණයෙකු සිය පියා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.  

සැකකාර තරුණයා 19 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

බීමතින් පැමිණි අදාළ තැනැත්තා සිය බිරිඳ සමග ඇති කර ගත් ආරවුලක් දුර දිග යෑමෙන් එයට මැදිහත් වු සැකකරෙ පුත්‍රයා තියුණු ආයුධයකින් පියාගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදංචි 51 ක් හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්

Editor O

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කරන ගැසට් නිවේදනය මෙන්න

Editor O

Leave a Comment