දේශීය

පවුල් ආරාවුලක් හේතුවෙන් පියෙකු සිය පුත්‍රයා අතින් ජීවිතක්ෂයට

(UTV | ගල්නෑව) –  පවුල් ආරවුලක් හේතුවෙන් ගල්නෑව සේනපුර ප්‍රදේශයේ දී තරුණයෙකු සිය පියා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.  

සැකකාර තරුණයා 19 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

බීමතින් පැමිණි අදාළ තැනැත්තා සිය බිරිඳ සමග ඇති කර ගත් ආරවුලක් දුර දිග යෑමෙන් එයට මැදිහත් වු සැකකරෙ පුත්‍රයා තියුණු ආයුධයකින් පියාගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදංචි 51 ක් හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

තැපැල් ඡන්දෙ කල්ගියේ මෙහෙමයි – ගංගානි ලියනගේ

Mohamed Dilsad

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

Mohamed Dilsad

කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment