දේශීය

තෙල් ටැංකියකින් ඇඳ වැටී කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – අද (14) පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇඳ වැටී මියගොස් ඇත.

අදාල පුද්ගලයා තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කිරිමට යාමේදී ඉන් ඇදවැටී ඇති අතර , පසුව ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්ගොඩ, කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

Leave a Comment