දේශීය

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

(UTV | කොළඹ) – මෙරට රැඳී සිටින මැලේසියානු ජාතිකයින් 81 දෙනෙකු අද (14) මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ මැලේසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් පිටත්ව යාමට නියමිත බවයි.

අදාල රටවල තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ඇණවුම් කල වෛද්‍ය උපකරණ කට්ටල කිහිපයක්ද මෙම ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

 

Related posts

දුරකථනය සහ අලියා අතර සාකච්ඡා

Editor O

ස්ටාලිංට ඇප

Mohamed Dilsad

ප්‍රතිඵළ නිකුත් වූ පළාත් පාලන ආයතන 268කින් 103 ක බහුතරය මාලිමාවට

Editor O

Leave a Comment