දේශීය

විදෙස් ගුවන්තොටුපල 2ක සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ ) – මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල ගුවන්තොටුපල දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

ඊයේ (11) රාත්‍රියේ සිංගප්පූරු සහ ඩුබායි යන රටවල සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පැවසුවේය.

ඒ අනුව සිංගප්පූරුවෙන් 09 දෙනෙකු සහ ඩුබායි රාජ්‍යයෙන් 05 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

දිවයිනට පැමිණි එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට පියවර ගත් බව ද ජී.ඒ චන්ද්‍රසිරි සඳහන් කළේය.

විදෙස් රටවල ගුවන්තොටුපල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනිම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.

Related posts

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පරිණත නැහැ – මහාචාර්ය නිර්මාල් රංජිත්

Editor O

Leave a Comment