දේශීයව්‍යාපාරික

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ(10) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්  වන අතර සුදු සහ රතු වාෂ්පයෙන් තැම්බු සහ තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැක්කේ රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකට බවයි.

සුදු සහ රතු නාඩු වාෂ්පයෙන් තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් බවත් සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

Related posts

පොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

Editor O

පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වෙයි

Mohamed Dilsad

Leave a Comment