දේශීයප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

(UTV | කොළඹ) – සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට සඳහායි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතු බවයි.

සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ද, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශවල සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා සහල් තොග බෙදා හැරීමට ක්‍රියා කළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම කරුණු වැඩබලන පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ආහාර කොමසාරිස් ජනරාල් මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මේ වන විට මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතින බවත් එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.

ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

Related posts

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment