දේශීය

සියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයි

(UTV| කොළඹ) – දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් අද (09) දිනයේදී පැය 8 ක කාලයක් විවෘත කර තැබෙනු ඇත.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා සියලු ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවෙයි.

රජයෙන් ලද එම අවසරය අනුව නීති රිති වලට එකගව පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයින්ට දැනුම් දුන් බව සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය.

ඒ අනුව මේවන විට දිවයින පුරා ඖෂධ වෙලෙඳ සැල් 3200 ක් අතුරින් වැඩි ප්‍රමාණයක් අද විවෘත කර තැබෙනු ඇත.

Related posts

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

ව්‍යාජ නෝට්ටු 50 ක් සමග පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන්

Mohamed Dilsad

Leave a Comment