දේශීය

පෞද්ගලික සේවක ගැටලු සාකච්ඡා කිරීමට ඉල්ලීමක්

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස අවදානම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබේ.

පෞද්ගලික අංශයේ සේවකයන් ඔවුන්ගේ මාසික වැටුප ලබා ගැනීම , වර්ධක ලබා ගැනීම, පසුගිය වසරයන්හි බෝනස් ලබා ගැනීම ආදී ගැටලු රැසකට මුහුණ දෙන බව
සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලෙස ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි.

එබැවින් මේ පිළිබද සියලු පාර්ශව නියෝජනය වන පරිදි සාකච්ඡාවක් කැදවන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලිමක් කරයි.

Related posts

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කෙරේ

Mohamed Dilsad

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment