දේශීය

කොළඹ මහජන ආධාර ලබාදිම හෙට සිට

(UTV |කොළඹ ) – කොළඹ නාගරික බල ප්‍රදේශයේ මහජන ආධාර ලාභීන් වෙත මාර්තු මස මහජන අරමුදල් නිවසටම ලබාදීමේ ප්‍රජා සත්කාරක සේවය හෙට(08) සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ නගර සභාව පවසයි.

රටේ පවත්නා වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සිට දින තුනක කාලයක් එම ආධාර ලබාදීම සිදුකරන බව නාගරික කොමසාරිස් චම්පිකා රෝෂණි දිසානායක මහත්මිය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අඩු පහසුකම් සහිත පවුල් 12,970ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි.

මාසිකව හිමිවන මෙම මුදල් මෙතෙක් ජනතාවට ලබා දුන්නේ තැපැල් කාර්යාල හරහායි.

එහෙත් කෝරෝනා අවධානම හමුවේ මතුවි ඇති තත්වයත් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ කොට්ඨාශ 47 තුල මෙම මුදල් ලබාදිම සිදු කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආධාර බෙදාදීම් සිදුකෙරෙන අතර එම කාර්යය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගැනීමට අපේක්ෂිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අසත්‍ය ප්‍රකාශ කළ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිට විරුද්ධව නඩු පවරණවා – නීතීඥ අකිල විරාජ්

Editor O

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 400 ක්

Mohamed Dilsad

Leave a Comment