දේශීය

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

(UTV | කොළඹ) – වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා අද (06) දිනයේ දි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් සිදු කිරිමට තීරණය කළ බව එම අමාත්‍යංශය පවසයි.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂනය මත මෙම ගෙවීම් සිදුකෙරෙනු ඇත.

මේ අතර ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් අද හෙට සහ අනිද්දා දිනවල ලබා දිමට රජය පියවර ගෙන ඇත.

එමෙන්ම සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ද ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Related posts

ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් නිවේදනය කෙරෙයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment