විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

(UTV | බ්‍රිතාන්‍ය) – කොරෝනා වෛරස් පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට  වෛරසය වැළඳී ඇතැයි මීට දින 10 කට පෙර තහවුරු කර ගැණුනු අතර , සාමාන්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීම සඳහා මෙලෙස රෝහප් ගතකර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ නිල වෛද්‍යවරයා සඳහන්කර තිබේ.

මේ අතර කොවිඞ්-19 වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍යට හැකියාව ඇතැයි එළිසබෙත් මහ රැජිණ ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ප්‍රකාශකර සිටියාය.

ඇය ඉල්ලා සිටියේ තවදුරටත් රජය නිකුත් කරන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසයි.

දැනට මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4934 ක්.

Related posts

මීළඟ ඇමෙරිකානු ජනාධිපති සහ ලෝක නායකයින් අතර දුරකථන සංවාද

Mohamed Dilsad

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි දිවියෙන් සමුගනී

Mohamed Dilsad

සිම්බාබ්වේ නව ජනාධිපති දිවුරුම් දීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment