දේශීය

වැඩිහිටි ඇතුළු කණ්ඩායම් තුනකට දීමනා

(UTV | කොළඹ) – වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වන සඳුදා ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි.

මිට අමතරව, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් 14 වෙනිදායින් පසු කළ යුතු දේ.

Editor O

ස්ථිර ආදායම් නොලබන පිරිසකට දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල සාකච්ඡා

Mohamed Dilsad

එජාපයෙන් විශේෂ තීරණයක්…

Editor O

Leave a Comment