දේශීය

STF නිලධාරීන් විසින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක්

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්  දිලිදු පවුල් කිහිපයකට වියළි ආහාරද්‍රව්‍ය පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් කොලොන්නාව ශ්‍රි අබේසිංහරාමය විහාරස්ථානයේ දී අද (04) සිදු කර තිබේ.

ඒ කොළොන්නාව, මීතොටමුල්ල, වැල්ලම්පිටිය සිංහපුර, නාගහමුල්ල, කුමාරදාස පෙදෙස, පුවක්ගහවත්ත, පන්සල්හේන යන ප්‍රදේශවල පදිංචි දිලිදු පවුල් සඳහායි.

මෙහි දී සහල්, පොල්, සෝයාමීට්, ලුණූ, තුනපහ, මිරිස්කුඩු, පරිප්පු, බීළුණු, සීනි, අල, පාන්පිටි ආදී වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදුන් අතර මෙහි සියළු වියදම් විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන්ගේ වියදමින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තෙපිටිය සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.කේ.එස්. විජේසේකර යන මත්වරු ඇතුළු විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ නිලදාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Related posts

එජාප නියෝජ්‍ය මහ ලේකම් ධූරයට හරීන් ප්‍රනාන්දු

Editor O

ඇඳිරි නීතිය කඩ කළ 150ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

Editor O

Leave a Comment