දේශීය

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

(UTV | කොළඹ) – ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල රාති‍්‍රකාලේ සැරිසන පිරිස් හා එක් රැස් වෙමින් කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට අද (3) සිට බුද්ධි අංශ යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පිරිස්  සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මෙම පියවර ගත් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

නිරෝධායන නීතියට ගරු කරමින් එක් රැස් නොවී නිවෙස් වලට වී කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියි.

පවතින තත්ත්වය හමුවේ රෝගී වන සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා එම ප‍්‍රදේශ වෙත ගමන් ගන්නා පශූ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ජාතික හැදුනුම්පත හෝ ආයතනික හැදුනුම්පත ඇදිරී නීතිය බලපත‍්‍රයක් වශයෙන් භාවිතා කළ හැකි බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත්  කියා සිටියේය.

Related posts

ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

400කට කොවිඩ් හැදුනු ‘කම්හලේ’ ආපනශාලා සේවකයා මරුට – වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment