දේශීයව්‍යාපාරික

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128 ක්

(UTV | කොළඹ) – කොරෝනා මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128.6 ක ණය මුදලක් පිරිනැමීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

එම මුදල් ආසාධිතයන් හඳුනාගැනීම, රසායනාගාර කටයුතු වැනිදෑ වෙනුවෙන් වෙන් කෙරෙනු ඇති.

මෙමගින් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ප්‍රතිලාභ අත්වන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පවතින තත්වය පාලනයට ශ්‍රී ලංකා බළධාරීන් සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ලෝක බැංකුව ප්‍රකාශ කලා.

ලෝක බැංකුවෙන් හිමිවන ණය අයි ඩී එච් රෝහල වැනි ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීමටත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාර පහසුකම් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරන බව සඳහන්.

Related posts

ජෙයරාජ් ඝාතනය : හිටපු SP සහ හිටපු LTTE සාමාජික නිදහස්

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට කෙඳිරි ගෑවෙයි.

Editor O

Leave a Comment