දේශීය

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබුණි.

ඒ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ මේ වනවිට රට තුල උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින්, නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් එක්ව සිටියි.

 

Related posts

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment