දේශීය

රාජසන්තක කෙරූ එතනෝල් සියල්ල පොලිස් දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) – රාජසන්තක කරන ලද සියලූම එතනෝල් කොරෝනා මර්දන කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රාජසන්තක කළ එතනෝල් ලීටර 75,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

තවද, මත්පැන් නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට සකස් කළ එතනෝල්වලින් ලීටර ලක්ෂ 10ක් පමණ පෞද්ගලික සහ රාජ්‍ය අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇමති බැසිල් මෙම මාසය අවසන්වීමට පෙර ඉන්දියාවේ

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාකරන BYDවල තාක්ෂණ දෝෂ : අළෙවි කළ වාහන තොගයක් යළි කැඳවයි

Editor O

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

Mohamed Dilsad

Leave a Comment