දේශීය

පාසල් ඇරඹීම කල් යන ලකුණු

(UTV |කොළඹ ) – පවතින තත්ත්වය මත ලබන 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

දෙවන වාරය සදහා පාසල් ඇරඹීම කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවයී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු සදහන් කළේය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

වාහන සොරකම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි‌ පොලිසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

Mohamed Dilsad

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

Leave a Comment