දේශීය

පාසල් ඇරඹීම කල් යන ලකුණු

(UTV |කොළඹ ) – පවතින තත්ත්වය මත ලබන 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

දෙවන වාරය සදහා පාසල් ඇරඹීම කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවයී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු සදහන් කළේය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

Mohamed Dilsad

බොබ් මාලි ගැන දන්න අයට තෑග්ගක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 84,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment