දේශීය

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV |පනාමුර) – ඊයේ (01) පනාමුර පොලීසිය විසින් ඇඳිරිනීතිය සමයේ මත්පැන්හල් වසා ඇති මොහොතේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කසිප්පු බෝතල් 82ක් මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පනාමුර පොලීසියට ලැබු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර මෙම සැකකරුන් දෙදෙනා පනාමුර මහයාය දොලපාර රක්ෂිතයේදී මෙලෙස අනවසරයෙන් හොර මත්පැන් පෙරා ඇති බව වාර්තා වේ.

කසිප්පු මිලිලීටර් 6500ක්,(බෝතල් 82ක්) ගෝඩා මිලිලීටර් 150000 ක් (එක්ලක්ෂ පනස්දහසක්) බට එකයි,බැරල් සහ ජංගම දුරකතන දෙකක් මොවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

වයස 55 සහ 35 යන මෙම පිරිමි පුද්ගලයන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

රත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

Editor O

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.

Editor O

ගුටි කෙළිය බේරන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Mohamed Dilsad

Leave a Comment