දේශීය

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV |පනාමුර) – ඊයේ (01) පනාමුර පොලීසිය විසින් ඇඳිරිනීතිය සමයේ මත්පැන්හල් වසා ඇති මොහොතේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කසිප්පු බෝතල් 82ක් මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පනාමුර පොලීසියට ලැබු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර මෙම සැකකරුන් දෙදෙනා පනාමුර මහයාය දොලපාර රක්ෂිතයේදී මෙලෙස අනවසරයෙන් හොර මත්පැන් පෙරා ඇති බව වාර්තා වේ.

කසිප්පු මිලිලීටර් 6500ක්,(බෝතල් 82ක්) ගෝඩා මිලිලීටර් 150000 ක් (එක්ලක්ෂ පනස්දහසක්) බට එකයි,බැරල් සහ ජංගම දුරකතන දෙකක් මොවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

වයස 55 සහ 35 යන මෙම පිරිමි පුද්ගලයන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

Mohamed Dilsad

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment